හය එස් (6 s) ක‍්‍රමවේදය යටතේ තෝරාගත් පාසල් 100කට පලදායිතා සම්මාන පිරි නැමෙයි. 

සෙයිරි, සෙයිතෝන්, සෙයිසො, සෙයිකොත්සු, ශිත්සුකේ යන ජපන් එස් පහ පලදායි ක‍්‍රමයෙන් ඔබ්බට ගොස් ආරක්ෂාව පිළිබඳ දැනුවත්වීම ද එක්කොට හය එස් (6s) නමින් පාසල් පලදායිතා සම්මාන වැඩසටහනක්DFCC බැංකුවේ සහයෝගයෙන් අද දින (2013-04-04) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ දී පැවැත්විණි.
"ලබන පාසල් වාරයේ සිට සෑම පාසලක ම ශරීර සුවතා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම අනිවාර්යයි”
-    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන


ලබන පාසල් වාරයේ සිට ලංකාවේ සියලූ ම පාසල්වල උදෑසන ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු විනාඩි 10 ක කාලයක් ශරීර සුවතා වැඩසටහන් ක‍්‍රියාත්මක කළ යුතු බවට චක‍්‍රලේඛයක් මගින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදෙන බවත්, පාසල් පද්ධතිය තුළින් නිරෝගී දරු පරපුරක් බිහිකිරීම මෙහි අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යතුමන් මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පැවති හෝමාගම අධ්‍යාපන කලාපීය ක‍්‍රීඩා උත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

දරුවන් විශ්වයට සම්පතක්  බවට පත්කිරිමට නම් ජපන් අධ්‍යාපන ආදර්ශය ලාංකීය අධ්‍යාපනයේ හැරවුමක් සඳහා අත්‍යවශ්‍යයි

ලාංකීය දරුවන් විශ්වයට සම්පතක් වන දරුවන් බවට පත්කිරිමට නම් ජපන් අධ්‍යාපන ආදර්ශය ලාංකීය අධ්‍යාපනයේ හැරවුමක් සඳහා අත්‍යවශ්‍ය බවත්, එය 2012-2016 කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ ඇති කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ Mission Project– 2013 යටතේ වාර්ෂිකව අඛන්ඩව සිදු කරනු ලබන ආසියානු ෆැසිපික් ළමා සමුඵවට සහභාගි වූ දූත පිරිස් හුවමාරු වැඩසටහනෙහි ජපන් ¥ත පිරිසක් පසුගියදා (25) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දී පැවැති පිළිගැනීමේ උත්සවයකට සහභාගි වෙමිණි.
තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ උපාධි අවස්ථා ලබාදීමට
අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNIVOTEC ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්

පාසල් පද්ධතිය තුළ දැනට සිටින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් සඳහා තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය,  වෘත්තීය පුහුණු, නිපුනතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය UNIVOTEC  සමග එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ (13) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී සිදු කෙරිණි.
සුවිශේෂ ලකුණු ක‍්‍රමයක් යටතේ දුෂ්කර සේවයේ යෙදෙන සියලූ ම ගුරුවරුන්
ඇගයීමට පියවර ගන්නවා  -  අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන


දන්නා හඳුනන, හිතවත්කම් ඇති අය නගරයේ පහසුකම් සපිරි පාසල්වලටත් නොදන්නා නොහඳුනන කිසිම හිතවත්කමක් නැති අය ඈත දුෂ්කර පළාත්වලටත් ස්ථාන මාරු ලබාදීමේ අසාධාරණයට ලක්වන්නට කිසිම ගුරුවරයෙකුට ඉඩ නොතබන බවත්, ගුරු ස්ථාන මාරු ලබාදීමේ දී දුෂ්කර සේවයේ යෙදෙන සියලූ ම ගුරුවරුන්ට ඉහළ ලකුණු අගයක් ලබාදෙමින් ඔවුන් ඇගයීමට ලක්කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එමෙන්ම වත්මන් රජය යටතේ ලබාදෙන සියලූ ගුරු පත්වීම් පාසල පදනම් කරගෙන ලබාදෙන නිසා කිසිම හේතුවක් මත පත්වීම ලබාදෙන පාසල වෙනස් කිරීමට ඉඩ අවකාශ නොලැබෙන බවත් අමාත්‍යවරයා පවසයි.
Copyright © 2012 අධ්‍යාපන අමාත්‍යාංශය - මාධ්‍ය ඒකකය.