හය එස් (6 s) ක‍්‍රමවේදය යටතේ තෝරාගත් පාසල් 100කට පලදායිතා සම්මාන පිරි නැමෙයි.
පුරා වසර හතරක් තිස්සේ ක‍්‍රියාවට නංවනු ලැබූ මෙම වැඩසටහන යටතේ මෙවර දීපව්‍යාප්ත මට්ටමින් තෝරාගත් පාසල් 100ක් සඳහා සම්මාන ලබාදීම සිදුකෙරිණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේDFCC බැංකුව විසින් ක‍්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනෙහි විශේෂත්වය වන්නේ වැඩසටහනට අදාළ මූලික අරමුදල් බැංකුවේ මගපෙන්වීම මත පාසල් විසින් ම උපයා ගැනීම හා එය දිරිමත් කිරීම වෙනුවෙන් බැංකුව විසින් ඊට සමාන අරමුදලක් පරිත්‍යාග කිරීමත් ය. ඒ අනුව හය එස් :6ි* ක‍්‍රමවේදය මගින් ඉදිරි කාලය තුළ පාසල් විසින් එම අරමුදල් උපයා ගැනීම සිදුකෙරෙනු ඇත.
මෙම වැඩසටහන සඳහා DFCC බැංකුවේ විධායක නිලධාරී නිහාල් ෆොන්සේකා, එම ආයතනයේ ව්‍යාපෘති උපදේශක ලාල් ෆොන්සේකා, ව්‍යාපෘති භාර ප‍්‍රධාන නිලධාරී රෝෂිනී විජේරත්න යන මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම ප‍්‍රවෘත්තිය සඳහා ඔබ මාධ්‍ය ආයතනය මගින් පුළුල් ප‍්‍රචාරයක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

0 comments: