දරුවන් විශ්වයට සම්පතක්  බවට පත්කිරිමට නම් ජපන් අධ්‍යාපන ආදර්ශය ලාංකීය අධ්‍යාපනයේ හැරවුමක් සඳහා අත්‍යවශ්‍යයි

ලාංකීය දරුවන් විශ්වයට සම්පතක් වන දරුවන් බවට පත්කිරිමට නම් ජපන් අධ්‍යාපන ආදර්ශය ලාංකීය අධ්‍යාපනයේ හැරවුමක් සඳහා අත්‍යවශ්‍ය බවත්, එය 2012-2016 කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ ඇති කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ Mission Project– 2013 යටතේ වාර්ෂිකව අඛන්ඩව සිදු කරනු ලබන ආසියානු ෆැසිපික් ළමා සමුඵවට සහභාගි වූ දූත පිරිස් හුවමාරු වැඩසටහනෙහි ජපන් ¥ත පිරිසක් පසුගියදා (25) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දී පැවැති පිළිගැනීමේ උත්සවයකට සහභාගි වෙමිණි.
 

විශ්ව විද්‍යාල පද්ධතියත්, පාසල් පද්ධතියක් එකතු කොට ජපන් භාෂාව ශී‍්‍ර ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා විශාල ආධාරකයක් අපේ දරුවන්ට ජපානය විසින් සපයා දී ඇති බවත්, ඒ අනුව ශී‍්‍ර ලංකාව තුළ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන දරුවන්ට මේ සංවිධානය හරහා ආර්ථීක, සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ලෝක සාමය හා සහජීවනය තේමා කර ගනිමින් අන්තර් ජාතික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් ජපානයේ ආසියානු පැසිෆික් ළමා සමුඵව හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කි‍්‍රයාත්මක කරනු ලබන ත කණ්ඩායම් හුවමාරු ව්‍යාපෘතිය Mission Project - 2003 වැඩසටහන යටතේ 18 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණියහ. මෙම දූත පිරිස ඉදිරි දිනවලදී සත්කාරක පවුල් සමඟ අධ්‍යාපනික හා විනෝද චාරිකා සඳහා සහභාගිවීමට නියමිත අතර ශි‍්‍ර ලංකාවේ සංස්කෘතික වටිනාකමකින් යුත් වැදගත් ස්ථාන රැුසක් නැරඹීමට ද සැලසුම් කර ඇත. 

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා ජපන් නියෝජ්‍ය තානාපතිතුමා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත පේ‍්‍රමතිලක මහතා ඇතුලූ විශාල පිරිසක් සහභාගි වූහ.

0 comments:

Copyright © 2012 අධ්‍යාපන අමාත්‍යාංශය - මාධ්‍ය ඒකකය.